ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතුවිලි ඕඝය

සිතුවිලි ඕඝය

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම - ලන්ඩනය
2021-May

ඉඳුරන් දෙන‌ බොරු ‌ තොරතුරු අරගෙන
මැ‌වෙනා සිතුවිලි ගංගාවේ
අපේ හිතේ ඇති ඇත්ත වැසී ඇත
පුහුදුන් සිතකට එය නොදැනේ
අරහත් බව හා නිවන සනාතන
පිටින් ලබාගන්නට බැරි දේකී
එයයි සිතේ ඇති ඇත්තම තත්තේ
අපමයි එය මතුකළ යුතු වෙන්නේ
සිතුවිලි පහවී හිස්වුණු සිතකයි
රහත් බවත් නිවනත් මතුවෙන්නේ