ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිත්තරා

සිත්තරා

ආරියරත්න ජයසිංහ - මහරගම
2023-March

පලංචිය උඩ දෙපා රන්දා
ජීවිතේ පරදුවට තියලා
බුදුගෙයිම නැවතිලා ඉඳලා
මාත් හැම චිත්‍රයම ඇන්දා

මමයි ජාතක කතා ඇන්දේ
මමයි දෙව් ලෝ හයම ඇන්දේ
මමයි සක් දෙව් රජුත් ඇන්දේ
මමයි උස මහ බඹා මැව්වේ

බුදුගෙයි පහල ඉඳගෙන
මහත්තුරු වැඳ වැඳ යන
බුද්ධ රූපෙ වස් දොස් ඇර
මමයි දෑස් දී දුන්නේ පණ

මැති ඇමැතිවරු රැසක් කැන්දා
මාර සෙනඟත් වටේ රන්දා
ඒ අලුත් බුදුගේ අරින දා
එන්න නොකියම මාත් ආවා

ලොකු සාදුගෙ ගුණ වැනුම් අහලා
වෙහෙර කම් වැඩ අගේ කරලා
මැති ඇමැතිලගෙ දෙසුම් අහලා
මමත් ඈතින් ඉඳන් වැන්දා.