ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතක මහිම….!!!

සිතක මහිම….!!!

ලලනී ගීකියනගේ
2021-December

පිනි සීතලෙන් වෙළුනා…
දොර කවුළුවෙන් එබුනා…
සුදු සඳ දියෙන් තෙමුනා… මනමාළවී….මනලෝලවී..
හිත …කෝල හැඟුමෙන් මුතු පොටක එතුනා…!

පුන් වළාවක එතුනා…
තරු හිනැහෙමින් දිළුනා…රැය ප්‍රභාමත්වී…සොබාමත්වී…
මිහිතලය සිප සුරලොවක් මැවුනා…..!

මතකයන් කළඹා…
හද උමතුවෙන් හැඬුවා…
ඒ සොඳුරු සිත්තම්…
මහද ගෙත්තම්…අසුරු සැනෙකින්…
කළු වළාවෙන් වැසුනා…
සුදු..මුතුපොටම ලෙහුනා…!

2021.11.25