ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2022-August

පෙරව සඳකිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්

සඳ කැළුමෙන් පොරවනා ලද හාත්පස පිපුණු කුමුදු
මල් හා පරවී වැටුණු නෙලුම් මල් පෙති ඇති ජල තලාවෙන්
යුක්ත වූ කොන්තගංතොට නම් ප්‍රදේශයෙන්, පරතෙරට
යන ආශා ඇතිව යහළුව සිහි බුද්ධියෙන් පියාසර කරන්න.