ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැළලිහිණියේ සිත්ගත් කවි – තොටගමුවේ ශ්‍රී රාහුල නා හිමි

සැළලිහිණියේ සිත්ගත් කවි – තොටගමුවේ ශ්‍රී රාහුල නා හිමි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2022-November

සසරින් මුදා ලොව සදහම් අමාදී
එකඟින් මුනිඳු උන්වැනි නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කර සමාදී

සද්ධර්මය නමැති අමුර්තය දීමෙන්, ලෝ වැස්සන්
සංසාරයෙන් මුදා හැර,
අප්‍රමාද ගති ඇති බුදුරජානන් වහන්සේ එකඟ සිතින්
යුක්තව වැඩ උන්නාක් බඳුවූ, තිස් දෙකක් මඟුල් ලකුණින්
සම්පුර්ණ වූ, සමාධි පිළිමය දැක, මිත්‍රය තුන් සිත එකඟ
කොට වැඳ ගන්න.