ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල නා හිමි
2021-November

වන දෙව්ලියෝ නොකොළො ද සවන අබරණ
එන මග දුකෙක් නොවී ද සබඳිනි කලණ
සන හස බැඳුණු තැන නොහරින කර දියුණ
වෙන සැප කුමට ඔබ දකිනා එ ම පමණ

වන දිව්‍යාංගනාවෝ ඔබව කණෙහි පැළඳ
ගත්තේ නැද්ද? නෙළුම් මල් වල සැරි සරණ මී
මැස්සෝ අවුත් ඔබව වට කර ගත්තේ නැද්ද?
ඔබ එන අතර මග දී කිසි කරදරයක් වූයේ නැද්ද?
සිත බැඳුන තැන එය වර්ධනය කර ආදරය අත්
නොහරින්නා වූ ඔබව දැකීම පමණක් අපට
ප්‍රමාණවත් වේ. වෙන සැපයක් කුමටද?