ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමි
2021-August

පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් සැමා
ජයවද්දන කෙරුමෙන් සුසැදු තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා

උතුම් මිතුර, ත්‍රිවිධ රත්නය ගැන බැතියෙන්, ප්‍රේමයෙන් යුක්ත වූ, ඉතා පොහොසත්,
ධනවත් ජනයා වාසය කරන්නා වූ, පිරී පැතිරී පවතින සියළු සැපතින් දෙව් ලොව
පසු බස්සන්නා වූ, නොඑසේනම් මුල්ලකට තල්ලු කරන්නා වූ, ජය වර්ධනය කිරීමෙන්
තමා ගේ නාමය උසස් කළා වූ මෙය ජයවර්ධන පුරය බව දැන ගනු.