ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2021-June

රිවිබිම්බා යුරු රිවිකුල කමලකර
පියුමම්බා නිතොරව රැඳි උර මැදුර
මෙනරම්බා හිමි රූ සිරිනි මනහර
පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර

සුර්ය වංශය නමැති නෙලුම් විලට හිරු මණ්ඩලය වැනි වූ ,
පපුව නමැති මන්දිරයෙහි ශ්‍රියා කාන්තාව නිතරම වෙසෙන්නා වූ ,
රම්බා නමැති දිව්‍යාංගනාව ගේ සැමියා මෙන් රූප ශ්‍රීයෙන් මනහර වූ
පරාක්‍රමභාහු රජු දැකගන්න මිතුර .