ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2021-May

සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහනද මදාරා පරසතු මල් පතර
කරැ පුද වඳින රැඳි මුණි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

සමන් දිව්‍යරාජයා සුරඟනන් සමඟින්, ප්‍රභාමත්
මදාරා හා පරසතු මල් පූජා කොට වඳින්නා වූ
බුදුරජානන් වහන්සේ ගේ නෙලුම් මලක්වන්
ශ්‍රී පාදය සටහන් වූ සමනොළ කන්ද
නැගෙනහිරින් පෙනේ.