ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2022-February

උදේ සැපත් සුරගුරු අළු කර             අවට
සඳේ මුදුන් පත අස්විද නැකත            සිට
නඳේ සිතින් තම කුල දෙවිය සිහි   කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට

මිත්‍රය, බ්‍රහස්පති තාරකාව හාත්පස එළිය කරමින්
උදාවන කල්හි, අස්විද නැකතේ සිට සඳ මුදුන් වන වේලාවේ දී
තමාගේ කුල දේවතාවිය සිහිපත් කරගෙන තොප මේ
නගරයෙන් පිටත් වීම මැනවි.