ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2021-March

තවර කර කොකුම් සඳුනෙන් තුනු සියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළිලොල
එපුර ඉඳිති සඳපානේ සඳලු වල

කොකුම් මිශ්‍ර සඳුන් මුළු සිරුර පුරාම තවර ගෙන, මන බඳිනා
සුවඳින් යුත් මල්මාලා පැළඳ ගෙන, අන් අය කෙරෙහි සිත්
නොයවා කෙළි දෙලෙහි යෙදෙන අඹු සැමියෝ ඒ නගරයෙහි
සඳ එළියෙන් ආලෝක වූ සඳළුතල වල සිටිති.