ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැඟවුණු ‘දේදුනු’ ආදරය

සැඟවුණු ‘දේදුනු’ ආදරය

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2022-December

දේදුනු පාට වන වදුලෙ පිනි මුවැත්තිය

බැල්මෙන්ම ආඩම්බරයි පෙනෙනවා ලමිස්සිය

ඒත් මූවේ ඇති තැති ගැන්ම හිතින්මය

අලුපාට ඇස් වලින් කෝලයෙන් විදිනවා ආදරය

කාලය ඉගිල්ලී නොදැනීම ආදරේ රැස්

අරුම එලිපිටම දිලෙනවා සිරසින්මය

කාට නම් පෙනේවිද හිත වැසුණු හද ගැඹුර,

මුවැත්තිය තවමත් ආදරය සොයන්නිය

වරක් මැව් ‘පාට පොදි’ ආදරය ශෘංගාරෙ

රහිතයැයි – කලක් ගොස් හැඟෙන්නිය

එලිවුනා ඇගේ විපරීත ආදරය – ලෝකයා

නුහුරුවට පරුෂවම දකින්නිය

හැබෑවට ආදරය දැනෙන්නේ එක් වරයි- ඇය

දුකෙන් හද හඬා කියන්නිය

තාම ඇය තනිකඩයි, තරුණයි – සුකුමාලිය

තවත් ‘දේදුනු’ ආදරය සොයන්නිය

26/11/22

( සත්‍ය සිදුවීමක පද පෙල ගැස්මක්)