ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සාමයේ ගීතිකාව…

සාමයේ ගීතිකාව…

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2022-May
දිනෙක පිපිලා සුවඳ දෙන්නට
බලා ඉන්නා කැකුළු මල් පොඩි
තිඹිරි ගෙදරම වැනසුවේ කවුරූ
බලය හමුවේ උමතු වූයේ
ලොවේ සාමය සුන් කළේ කවුරූ
ආදරය යන අකුරු සතරට
ගිනිතබා වනසා දමා
ක්‍රෝධයේ බිජු වැපුරුවේ කවුරූ
ප්‍රේමයේ පිවිතුරු පවන් රැල්
වෛර ගින්නෙන් කෙළෙසුවේ කවුරූ
මිනිස්කම පාපෙන් තෙමාලූ
දෙපා සතුමය නපුරූ
මුලාවී මෝහයෙන් වියරූ
ප්‍රේමයේ මල් සුවඳ විහිදා
සාමයේ අරුණලු උදාකර
වඩිනු මැන ජේසුනේ මෙළොවට
ඇයිද දෙවියනි පමාවට කරුණූ