ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ස්තූතිය

ස්තූතිය

උද්‍යා මාධවී
2023-May

වෙන් වී ඇති ඔබ දෙදෙන එක්කරලීමට
ඇදුම් මසන්නා විසින්
තමා මෙහි එවූ බවත්
ඒ සඳහා ඔහුට
ස්තූතිවන්ත විය යුතු බවත්
බොත්තමක් පවසයි
කමීස පළුවකට
.
.
මඳ සිනහවක් පා
නිහඬ වෙයි කමීසය
එකට සිටි අප කපා වෙන් කර
මැසුවේ ඔහුම බව
නොදන්නා නිසාවෙන්
තවම බොත්තම