ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සරණාගතයෝ

සරණාගතයෝ

උදයංග අමරසේකර - ප්‍රංශය
2022-March

ඔව්හු පැමිණෙති
ඔව්හු දුර ඈත සිට පැමිණෙති
මරණීය මුහුදු හරහා
ඔව්හු පැමිණෙති
ඔව්හු මිනිසා කෙරෙහි
විශ්වාසය තබති
ඔව්හු අප කෙරෙහි
විශ්වාසය තබති
ඒ කෙසේ ද යත්
අප කලක් විශ්වාස කළාක් මෙන්
කඟවේනුන්

ඔස්ත්‍රියානු කවි
කාල් ලුබෝමිර්ස්කි (Karl Lubomirski, 1939) විසිනි

අනුවාදය :
උදයංග අමරසේකර
ප්‍රංශය

සිතුවම: තෙයොදෝර් ජෙරිකෝ (Théodore Géricault, 1791-1824), මෙඩුසාගේ පාරුව (Le Radeau de la Méduse, 1819), ලූවර් කෞතුකාගාරය, පැරීසිය, ප්‍රංශය.