ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳ

සඳ

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2022-August

තරුත් නිහඬව බලා උන් සඳ
නුඹත් නිතරම දොස් නගන සඳ
කෙලෙස රුදු වූයේ ද මගෙ සඳ
සිතා ගන්නට බැරිව සිටි සඳ

නුඹේ ප්‍රේමය බලා සිටි සඳ
ගිලිහී යද්දී අමාවක සඳ
ලෙසින් සිටි ඒ මගේ පුර සඳ
නිහඬ වූවෙමි මගේ සරා සඳ

රොස් පරොස් බස් කීව මුත් සඳ
හදේ කහටක් නැතේ කිසි සඳ
කෙලෙස මම වෙර බඳින්නද සඳ
නුඹට තව පෙම් බඳින්නෙමි සඳ