ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සතුටු කඳුළු

සතුටු කඳුළු

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ
2021-August

පරතෙර ශිල්ප සයුරේ කිමිදී පතුල
අරගෙන මැණික් හිස පළඳා ගෙන කිරුළ
කර ඇඳි කාල ලෝගුව දුටු විට පතළ
සිර කර ගන්න බැරිවුණි සතුටක කඳුළ

මුඳුනට යනු පිණිස මා පසුකර දි⁣නෙක
මුදු අත් පහුරු පටලා වෙර ඇති තැනෙක
බුදු ගේ මලක් තියනා අයුරින් මෙළෙක
පිදුවෙමි ඉහළ අත්තක දිලෙනා ලෙසක

අද මේ දැනෙන සතුටේ හසරැලි මුහුණ
සදහට එළිය වෙනු ඇත ඔබ දිවි අරණ
හොඳ හා නරක දත් මිනිසෙකු ඇති බැවින
අද මගෙ පණ ගියත් මට සතුටුයි පුතුන

18/07/21
Colchester