ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ශෘංගාර සිත්තම්

ශෘංගාර සිත්තම්

2022-December

කැණිමඩල නුරා සිහිලැතිව
සීත කෝමලිය උණුසුම් දෙතොල් විමානයක
සුරාන්තයක ගිලී මල් කෙමියක මත් වූ බඹරක
නිද්‍රාවිය කුමරී බඹසර බිඳලන අසංවර රාත්‍රියක

ආත්මය තුළ අභ්‍යාන්තරව සැරිසරන
රසදුනක් ශෘංගාර සිතුවමක නුඹ
මන්දාර දෛවයක පහස ගෙනෙනා පින්සලක
සන්ත්‍රාස සුවය හදෙහි සිතුවම් කළ
සිත්තරෙකී මණිමේඛලා තවම නොකැඩුව නුඹ