ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙසක් සඳත් සැඟවෙයිදෝ…

වෙසක් සඳත් සැඟවෙයිදෝ…

රාජ්‍ය කලාභුශන. කිවිපති ඩබ්ලිව් කේ සරත් විමලසිරි
2021-May

නීල,පීත ලෝහිත
ෂඩ් වර්ණ රශ්මි ධාරාවෝ
චන්ද්‍ර මන්ඩලේ සැඟවී
වළා පෙළට මුවා වෙලා
කඳුළු පොදක් සේ සඳ දිය
මහ පොළොවට පතිත
කරයි දෝ අරුණෙහි
උතුම් වෙසක් පුන් පෝදා
විශ්ව කොරෝනා බියකරු
කඩතිරයට මුවාවෙලා

කඩ පිල් සල්පිල් වැහිලා
පාට පාට ධජ දුරලා
දන්සල් නෙත් ඉම් හැරලා
මුලු නුවරම පාලුවෙලා

දෙක තුනකට වඩා නොවැඩි
වැඩි පුර හෙම බල්බ නොමැති
තොරන් කූඩු ළඟ ඉඩ ඇති
තරමටවත් සෙනඟක් නැති
කිමැ  යි නොදන්නෙමි ලෝකෙට
උතුම් දිනක් සිහි ගන්වන
වෙසක් පෝය නිසල වෙලා

බලධරයින් බල ගන්වන
නීති අතර කොටු වීලා
පේළි පේළි පන්සල් යන
උවැසි උවැසියෝ ලෝකයෙ
නිවහන් තුළ එකතු වෙලා
බුදුන් වදින තෙල් මල් ගෙන
දසුන් දසන්තයෙ රජවී
කිමැ යි නොදන්නෙමි ලෝකය
තැන තැන හුදෙකලා වෙලා

තෙමඟුල් සිහි කරන දිනේ
ගව්තම බුදුපියාණනේ!
රන් වැලි සෑ කොත මුදුනින්
දිවැස් හෙලනු මැන ආයෙත්
මේ හෙළ රන් අනුරපුරෙන්
විස්වයටම සහන දිදී
වසන්ගතේ බිය දුරලා
තුන් බිය සමහන් කරලා
අති උත්තම මේ සුන්දර
මහා වෙසක් පුන් පෝදා

19.4.2021