ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙසක් බලන්නට පින් පිරුවා නම්……

වෙසක් බලන්නට පින් පිරුවා නම්……

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-May

වෙසක් බලන්නට පින් පිරුවා නම්

ලුම්බිණියේ සල් මල් උයනේ

බෝපත් අතරින් නැග එන පුන් සද

ඉසිපතනේ බණ අහන වෙලේ .

සෙත් පිරිතක් වී ඇසෙනා බණපද

කෙලෙස් තවා සිත එළිය කෙරේ.

කරුණා ගුණ පිරි බුදුරුව අබියස

හැම දන සිත මෙත් සිසිල පිරේ

රැලි සුළගේ පාකර හැඩ නංවන

වෙසක් කුඩු පන්සල හෙවනේ

දිලෙනා පහනේ සැලෙනා අසිරිය

බොදුසිත වෙසගින් එළිය කෙරේ.