ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙන නුවරක නුඹ ගියදා..

වෙන නුවරක නුඹ ගියදා..

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2022-February

වෙන නුවරක නුඹ ගියදා හැඬුවා මුළු රැය පුරාම

පැතුවා මම නුඹ හිමිවන බව දැනගෙන නිදි වරාම

නොදැක ඉන්ට බැරුවාමය ඔබ ගත්තේ සිත සොරාම

ගිය විලසින් යළි එනුමැන මම ඉන්නම් නුඹ පතාම

නුඹ කැන්දන් ගිය දා සිට පාළුයි ගම වෙළ ලන්දෙම

ගීත ගයපු බටිති රෑන අතුරුදන්නෙ හැම හවසම

නෙළූ ගොයම පැහෙන්න පෙර ගම අතහැර ගිය විගසම

මහ කන්නෙම පාළුයි දැන් නුඹ නැතිවුණ දා පටන්ම

සේපාලික මල් පිපෙන්න සැරසෙන ඒ රාත්‍රියක

සැඟවී සිටි වළාකුලක් සඳ මෝරන සීත රැයක

සඳ එළියට කුමුදු පිපෙන ඉවුරු කොනක ගං තීරෙක

රෑ මැදියම තුරුලටවී රහස් කියමු හඳපානක