ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෘක්ෂ සිතිවිලි …!

වෘක්ෂ සිතිවිලි …!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා
2021-August

වනේ වසන හතුරෙකුටත්
ඒ වගේ විපත්…
අනේ නොවේවා පතනෙමි,
රිදෙනවා හදත්…
සෙනේ පපා ලඟින්ම හිටි
යාලුවෝ අදත්…
මනේ ඇඳී යනවා මගෙ,
රිදවලා හිතත්…

කඳ බඩ මහතට තිබුණා
කියා ඒ අයත්…
ඉඳ හිට බැලුවේ මා දෙස
කරලනේ පහත්…
හඳ අල්ලන්නට තරමට
උසගියේ නමුත්…
විඳවලා කැපී මුලින්ම ,
යැවුනෙ දී දුකත් …

වියපත් වී වාරු නැතිව
ඇද වැටී නමුත්…
දිය වන කඳ පොලවට පස් වන
බැව්ද දැනත්…
බිය නැතිවම ඒ සොබාව
දර්මයම වගත්…
නියම ලෙසින් දැන ගතහොත්
එයමවේ සැපත්…