ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වික්ෂිප්තය

වික්ෂිප්තය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2023-March

දුර බැහැරක නොකිය ම
ඔබ තනි ව ම
පියවර මැන ගිය හින්දා
දොළ පිළ වැට ළග
කළ කතා දබර වී
නෙත ළග ඉකි බින්දා…

තැන නොතැන ද
මගෙ නෙත කොතැන ද
ඔබ සිටිතැයි මට සිතෙනා
දොළ පිළ වැට ළග
තව දුර නොදුරෙ ද
තැවතී සිත කිති කැවෙනා…

අද හෙට ගෙට ගොඩවෙන
දින කවදද
ඔබෙ රුව යළි දකින සදේ
ඉකිබිද නෙත ළග
මුකුළිත පෙම්මල්
විකසිත වෙද යළිදු හදේ!