ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලියුමක්

ලියුමක්

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2023-April

හැබැහින්ම නැතත් අම්මේ
නුඹව දැක්කා හීනයක
ඉන්න තැන දුරක් වුණාට
හිතේ නැති බව
ගව් ගණන් දුර
හැමදාම දැනුණාය

පොඩි එකත් නිතරෝම
අහන්නේ අත්තම්මව
ලියා ගන්න බැරුවත් අයන්න
අමාරුවෙන් අඳිනවා ටයන්න
කතන්දරයක් අහගන්න
මග බලන් ඉන්නවා හැමදාම

කුලී නිවසේ දිග පළල
මදිය අම්මා ආවොත් නවතින්ට
බස් එකේ දෙපැත්තට
එක් දහස් දෙසීයක්
අතේ ඇති වෙලාවක
එන්නම් ඇවිත් යන්නට

ඉතින් මම නවතිමි
බෙහෙත් ටික බොන්ට වෙලාවට