ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලක’ගන මිණි මවන යුර

ලක’ගන මිණි මවන යුර

ඊ.ඩබ්. හිරුනි භාග්‍යා
2021-November

සමනොල ගිරි රජිදු හිරු ගෙන කිරුළු ලන
ගිරිකුල මෙපින් බර සගවා බිම හෙලන
සුනිමල වණින් යුතු මිණි, මෙවුලක් ලෙසින
මිහිතල මතින් සිවු මහ නදියෙන් බසින

මහ දිය කදුරු තම හිස ගත් පුලින තල
ගැමිලිය දිය ගෙනෙන සේ නලවා උකුල
නැටවිය වැදී දිය දෙපිටින් ගං දෑල
සැගවිය පුලින තල ලය යට මිණි මෙවුල

මෙවුලින් ලිහි ලිහී එකෙනෙක මිණි පහණ
පත්ලෙන් නැගි නැගී එන ලෙස සිට පොරණ
ඔදයෙන් වැඩි වැඩී ලක’ගන පැලද මිණ
ඉසුරින් පිරි පිරී තෙද වඩවයි දෙරණ