ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලංකා වසන්තය

ලංකා වසන්තය

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2022-August

සොඳුරු මුතු ඇටේ අද උණු කඳුළු මත
උජාරුවට සිටි කාලය කම්මුතුය
ඩොලර් නොඑන ලෙස කැරලිම ගහපල්ලා
සීයා අපේ කීවා කට කහනවට

අඩ සියවසක් ඇහිලා දැන් යල් පැනපූ
සටන් පාඨ ඇහුණම නම් ඔක්කාරේ
නීතිය උන්ලු පිටිපස්සෙන් එන්නෙ හිනා
හොටු ගෑනිව ගෙට කැන්දා ඉලව්වේ

රටේ ගම්භීර පැරණිම ගොඩනැගිලී
කීතු කීතු වී යයි ඇස් පනාපිට
කොළඹ සන්නියත් ඇත එහි රඟපාලා
හේනට රිළවු පැන්නා සිහිවුණා බොලව්

අලුත් නමක් දාගෙන නැගලා යන්න
දසත ගිනි තියති වනසති බුදු අම්මෝ
එතැන මුහුණු දැක්කම නම් බඩ දනවා
රටක් බාර දුන්නොත් මොනවා වෙයි ද