ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලංකාව

ලංකාව

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2022-November

ඉරාගෙන සරාගයෙ අවසාන තොත්තුව

විරාගය හදාරමි මවාගෙන වස්තුව

වවාගෙන කෑවොතින් ඉතිරි මේ කොත්තුව

විරාමය යල් පනී ගලෝගෙන පත්තුව

මළේ නෑ මළේ නෑ තාම පණ අදිනවා

කළේ නෑ කළේ නෑ තාම හොරු රකිනවා

බලේ නෑ බලේ නෑ ඇති දාට නිදනවා

පලේ නෑ පලේ නෑ හෙටත් උන් දිනනවා

මසා දමමින් ඉරුණු නීතියේ හිල්

උදාකරමින් ගනිමු යුක්තියේ සිල්

නෙළා ගනිමින් පිපෙන සාමයේ මල්

සදා එක්වී ඉඳිමු නැති බෙදී පිල්