ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රෝහල් ඇඳක්

රෝහල් ඇඳක්

වසන්තා ගමගේ - රත්නපුර
2022-March

සවිබල ලකුණු ගිලිහුනු පින් පිරුණු වතේ
මනහර බවක් පෙනුනා මුදු කුළුණු නෙතේ
හිටියෙම තනිවමයි හඳුනන කෙනෙකු නැතේ
වැඩිහිටි නිවාසෙක නම ගම තිබුණි පොතේ

බෙරිහන් දෙමින් අසනා දේකට මුමුණයි
සුපහන් හැඟුම් මුහුණේ මදහස පුබුදයි
ලැබුණෙන් සුවහලේ අහරින් මන පිනවයි
ඔබවන් අයෙක් දැක පැතුවෙමි දෙවි පිහිටයි

අත ළඟ ඇඳෙහි නෑ හිත මිතුරන් රැඳුණු
දුටුවම තෙත නෙතින් වුව සිනහව ඇඳුනු
පියෙකුගෙ හැඟුම දී හැම හදවත බැඳුණු
බියකරු සසර ගැන ඔබ කීවද කරුණු