ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රික්තය

රික්තය

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2022-May

සැඳෑ අන්ධකාරය
සිහින මායාව
මලානික තරුමල් දෙකක්
අතර ඇති
හුදෙකලා ශීත රික්තය
අහසින් පොළොව
වෙන්කොට තබන
අචල ,අනම්‍ය සිතිජ රේඛාව
ඉරිතලන බොල් හද මත
අහම්බෙන් දළුලන
මිහිරි සංතාපය
පාළුව ,නෙත් ඇඳිරිය
පුබුදුවයි විටෙක මා ආත්මය
කොණහයි සැණින් යළි
ඉසියුම් ලෙස
එසවී යළි මුණින්තලා වන
රළක් ලෙස.