ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රාමු කරපු චිත්‍රය.

රාමු කරපු චිත්‍රය.

තුෂාරි ජයසිංහ - මහනුවර
2022-November

කඳු මැදින් ගලන මනහර
සුනිල් දිය දහර අහසට සම
කොළපාට මුසු ගඟ අසබඩ
පිපුනු මල් සුදු පාට කෙකටිය

ඈත සිට පියඹන මාල පැළඳුව
ගිරා ජෝඩුව අසල උස ගස
පැතුම් මල් පිරි පහුරක්
හරි මැදට වන්නට

රිටක් දෑතින් ගෙන පදින
නහර ඉලිපී කර ගැටත් මතු වුණ
සුම්බරයක් පැළදි කළු වත
ලස්සනට පාට කළ

උඩු සුළඟ රැළි කපාගෙන යන
ගඟ දියත් පහුරත් රිදෝගෙන
හිරුට නිරුවත් පිටට විසිවුණ
බිඳිති දිය පොද සිසිල විඳිම්න

සුපැහැදිලි වීදුරුවකට යට කළ
ඇන්ටික් බ්‍රවුන් පාටින් රාමූ කළ
මිළක් නියම කළ නොහැකි චිත්‍රයක
වකුටු මිනිසෙකු සිටියෙ එඩිතර