ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රති රස

රති රස

නිමල් අබේසිිංහ - කඳාන
2021-November

අතැඹුල දනී සප්තස්වර මාලාව
හිසමත වැඩහිඳී සරසවි කමළාව
හැඩකල මවා ඉහලම සර එකලාව
සූසර නොකළෙනම් කුමටද වීණාව

නමට ගඳඹ නෑ හරි ශිල්පය දන්නේ
බඹර තතට පමණිය ඔහු අත යන්නේ
අමරයුරු මිහිර වීණාවට දෙන්නේ
සූසරකර පදම මැන රස උතුරන්නේ

අරුණෙහි සිනාසෙන ඔබෙ වත දකින කොට
පිරුනේ මසිත අමමිහිරක් එකතු කොට
සයනේ විඳිනුවැනි සිරි සර රසය තුට
දැනුනේ පහස මෙතැකැයි කිවනොහැක මට

එන්නට නොහැක හණිකට ඔතැනට ඉගිලී
දන්නේ සිත ගොසින් බව ඔබ ලඟ ඉහිලී
දුන්නේනෙම් රුකුල මී බඳිනට ඉපිලී
අන් ඒ දිනම එනතුරු ගණිනෙමි ඇඟිලී