ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යසෝදරා වී ඉපදෙන් මතු භවයේ

යසෝදරා වී ඉපදෙන් මතු භවයේ

විමල් ඇම්. ගමගේ
2023-March

පුදා ප්‍රථම ප්‍රේමය සිත්සේ බෝම
අවසන් ප්‍රේමයක් කිසිදින නොලබාම
නොනගා හඬක් හැමදාමත් ලෙංගතුව
ඉන්නේ කොහොමදැයි කියපන් දුක නැතුව

සදා සඳුන් ගස් අරටුව ඇති බෝම
පුදා සුවඳ කිසි දෙයකුත් නොපතාම
දුකට සින්න දේ පමණක් වළඳාම
ඉන්නේ කොහොමදැයි කියපන් නොසැලීම

හොරෙන් අඬලාද නෙත් වියළිලා ගියේ
ටිකෙන් ටිකම දුක රසකර වැළඳූයේ
නිමා කරන්නට දැන්වත් සංසාරේ
යසෝදරා වී ඉපදෙන් මතු භවයේ