ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යන්නට බැරිද දැන්වත් අපි එක්වී…..

යන්නට බැරිද දැන්වත් අපි එක්වී…..

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-May

සබද අපි හසු නොවෙමු මෙවරේ
වරින් වර හසු වුනෙමු මිතුරේ
ජනබලය සවිය මැද සොදුරේ
සාමයෙන් නගමු ගොස මෙවරේ

පාන් ගෙඩියට , හාල් ඇටයට රැවටී
බලා හුන්නෙමු ගිලින හැටි උන් දැවටී
කා කොටාගෙන පාට පාටට රැවටී
තරු පෙනෙනකම් හිටිය තබමින් හූ මිටී

දහඩිය වගුරුවා උගුරත් ලේවී
පෙරමුණ අරන් කෑ ගැසුවාය පේවී
ලේ කදුලැලි මතින් ඉහලට පාවී
ගිය උන් හිදියි නැසු කන් සේවී

ජාතිය ආගමෙන් කුලයෙන් වෙන්වී
හිටියා අපිත් හිතමින් මුළු ගැන්වී
යනවිට එකට අන් රටවල් එක්වී
යන්නට බැරිද දැන්වත් අපි එක්වී

අනුරුද්ධ වැලිගමගේ