ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මේ ජීවිතයේ සරත් සෘතුවයි

මේ ජීවිතයේ සරත් සෘතුවයි

සුමාලි විජයතිලක
2022-February

පඬු තුරුලිය දෙපා සිඹින
රන් සිත්තම් නෙත සනසන
ජීවිතයේ උනුසුම ගිලිහෙන
මේ ජීවිතයේ සරත් සෘතුවයි

ගිම්හානය සිත්තම් කල
පිරුනු අතීතයක මතක
බොඳවී යන සිතක රූප
කදුලු බිදක් නෙතු අග රදවයි

කෙලි කවට සිනා සිත රැව්දෙන
මතක හුයක මුතුසේ අමුනා
හද පතුලේ සඟවාලා
ජීවිතයට පන නල දුන්නයි

මතක ආවර්ජනා සයුරේ
කිමිදී නිවෙනා සෙවනැලි
සොබා මව් මැවූ පලසේ
සිහින වලින් මා හද පිරුනයි

වචන හඩයි අද තනිවී
සිතක දෝංකාර ඇසී
තනිකම අලවියට තබමි
මේ ජීවිතයේ සරත් සෘතුවයි