ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුණුපුරා සමගින්

මුණුපුරා සමගින්

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
2022-June

දෙවසරකට වැඩි කාලයක්
ගෙවී ගියා කෝවිඩි සමඟින්
නොදැක මුණුබුරා
ජිවත් වුයෙන් වෙන රටක
ඉඩ ලද හැම විටකදී
තාක්ෂණය හමුවේ
පාසැලේ තොරතුරු ක්‍රිඩාගැන
කතා කලා සිනාසුණා
සෑදු කෑමක් නැරඹූවා
සිතින් රස විඳිමින්
මෙ හැම දෙයක් මැදින්
සැබෑ කරමින් අපෙ පැතුම්
දෑසට තුටු කඳුළු ….ඉනුවා
ඔබ සැම අප දකින්න එන පුවත
ගුවන් තොටුපලේදි අපි එකිනෙකා
බදා වැලඳ ගත්තේ
අපරමිත ආදරයෙන් සෙනෙහසින්
නිවසට ගොඩ වු සැනින්
පුංචි පුතුනි ඔබ දිව යන්නෙ
සොයාගෙන ඔබෙම කාමරය
Thomas ඡනෙල් රෙද්ද දැමූ .. …
අත ගා බලා මදහසින්
සිහින ලොවෙ නිරතවනු දුටිමි
උදැසන අවදිව අපෙ නිදි යහනට පැන
මගෙ සීයා කියමින් තුරුළු වෙද්දි
අපෙ මතකයෙහි නැත කිසිවක්
නැගෙන්නට සිහියට අප පුතුගේ

එකම දෙයක් ඇත සිහි වන්නට
උදැසන පහේ කනිසමට
ටියුෂන් පන්ති ගිය හැටි
ශිෂ්‍යත්ව විභාගයට ලියන්න
තේරුණා රෝයල් කොළිජියට
හ්ම්,…..
සියාගේ එළවළු වගාවට පැන
මැල්ලුම් පලා නෙලා තාත්තා සමඟින්
කෑම මෙසයේ රස වින්දෙ අපුරුවට

විවෙකය ගතකරන්න
බෝඩ් ගේමක් ගහන්න
Rummy Kub
වාඩිවූනා සිහිපත් කරමින් අතීතයෙ
කැරම් ගැසූ හැටි අප පුත් සමඟින්
චුටි පුතේ …..
හරිම සතුටින්
සතුටු සයුරේ ඔබ අප ගිල්වුවා
තාත්ති වගෙ,…..

මුහුදු වෙරළට යන්න හරි ආසයි
දුව පැන ඇවිදලා,……
විනොදයෙන්
සවස් කාලය විවෙකයෙන් ගෙවන්න
තාත්තයි පුතයි එකවගෙම
වැඩ ඇරි ගෙදර ඇවිත්
දුවත් පුතත් සමඟින්
Gall Face පිටියට
ගියා මතක් වෙනව,…
චුටි පුතේ මහන්සියි
මා ගල් පරයක වාඩිවී
බලා සිටියා සයුර දෙස,…..
මා අසලින් වාඩිවෙලා
චුටි පුතත් නිහඬව,……
රළ කඳ නගන හඬ දැඩි වුනා
අඳුරත් හිමින් යා වුනා
නික්ම යා යුතුයි පුතේ,…
ගල් පරයෙන් නැඟිට එද්දී
මිමිනුවා චුටි පුතුනේ ඔබ
Nam Myoho Renge Kyo
මා හද බැඳි තුතිය
ඔබ මවටයි චුටි පුතුනේ

11/5/2022