ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාන

මාන

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2023-January

ලැවැන්ඩර්, චෙරි බ්ලොසම්, මෙපල් වෙස් වලාගෙන
ආකාස වන පෙතේ තරු ලකුණු මකාගෙන
හේමන්ත අතවරෙන් මිදෙන්නට හිතාගෙන
වැහි ළිහිණියන් හිටියෙ වැරෙන් කන් යොමාගෙන

බස්සෙකු ගෙ ගීතයට මියුරු තනුවක් තබා
රැහැයියන් පැළඳගෙන ගෙන සීත සෘතුවේ කබා
ත්‍රිකෝණාකාර කඳු බට පඳුරු හා සොබා
රාත්‍රිය උන් එක්ක පවත්වයි ගම්සභා

කවියකට හසුනොවන මාන ලොව තව ඇද්ද
පෘථිවි කක්ෂයෙන් පිට අප නොදුටු තැන් වෙද්ද
දරුණු ඇයි ඒ තරම් කළු කුහරයේ මැද්ද
සිතමු මොකටද ලොවට න්‍යෂ්ටික අවි යුද්ධ

“සකද මලයි බබළු වැලයි කාව්‍ය සංග්‍රහයෙන්