ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මව් කිරුළ

මව් කිරුළ

කෝ. ආනන්ද - පැරීසිය
2021-May

නිමිත්ත; විවාහක ලෝ රූ රැජිණගේ කිරුළ හිසෙන් ගලවා කළ හදියක්  –  පුවතක් – 2021

ලෝක රූ රැජිණිය විවාහක
නේක බාදා විඳ කටුක දුක
සෝක දුරලා නැතිව බිය සැක
දාක සැනසේ මව් කිරුළ රැක

දෙදහස් පන්සිය වසරක් ඉක්මී ඔබට කිරුළ පළඳා
අනුහස් දී ගරුසරු පුද ලැබුමට ගෙදර බුදුන් කළදා
සුවහස් ලෝ දා කම්පිත කරමින් එළිය දුටුවදා  බිලිඳා
අගහස් මැණිකකි මිහිකත මෑණිගෙ හදමල කළ දුලදා

මෙත්තා   –  රත් මැණික් ඔපදෙනා
මුදිතා       –   නිල් මැණික් පරයනා
කරුණා    –   වයිරෝඩි සරසනා
උපෙක්ඛා –   දියමන්ති දිදුලනා

විස්ව විවාහක පුජනීය මව්වරුනේ
උස්ව වැඩෙන සිව්බඹවිහරණ වරුණේ
හිස් අවුල් ජාල කළ කිරුළට ලොබ නොවුනේ
මස් ලේ දන් දුන් අම්මාවරුමය මහ බඹුසේ මැවුනේ