ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මල් මල් මල් මල් මල්

මල් මල් මල් මල් මල්

ආසිරි විජේසේකර
2021-August

සුන්දර මල් විකසිත වෙද්දී
සුවඳ හමනවා දසත පුරා
එක එක පාටින් පිපෙනා මල් තුල
එකම සුවඳ නොමවෙයි දැනෙනා

ආගම දහමට
මගුලට මරණෙට
හැම කෙනෙකුම හට සරණ වෙනා
එක එක මිලකට විකිණෙන මල් ගැන
සමහරු පබඳී අමුතු කතා

ගමෙි පිපෙන මල්
නගරෙ පිපෙන මල්
කැලයෙත් වන මල් පූදිනවා
මිලක් නොමැති මල්
අමිල සොඳුරු මල්
කෝකත් පිපිලා පර වෙනවා