ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මල්වර වූ දිනයේම අල්ලපු ගෙදර අයියා ගෙන් දෙතොල් හාදුවක්

මල්වර වූ දිනයේම අල්ලපු ගෙදර අයියා ගෙන් දෙතොල් හාදුවක්

සුගත් අමරසිංහ- නයිජීරියාව
2021-July

මල්වර වූ දිනයේම අල්ලපු ගෙදර අයියා ගෙන් දෙතොල් හාදුවක් (පුවතක්)

හිනැහුනා සමන් මල් හිස මතට වැටෙද්දී
විසිරුණා පිනි බිංදු මැටි කලය බිඳේද්දී
වැගිරුනා කිරි කඳුළු කොස් ගහට කොටද්දී
බිඳුනා පොල් ගෙඩිය ගේ තුලට ඇදෙද්දී

අත් පොඩියේ සුළං පහරට පහනත් නිවා
කහ පාට මල් ගවුම අලුතෙන්ම මස්සවා
චේන් පොඩියක් කරට අරුංගල් කනට ලා
උදා ඉර පිණි දියෙන් විකසිතව නැහැවුනා

නිවී නිවී දිලි යයි ගේ වටේ බල්බ් වැල
සහරා ෆ්ලෑෂ් බැක් කෑ ගසයි සවන් වල
බෝතලුත් හිස් වෙයි එකින් එක මේස වල
මල්වරය විකිණුනා සාදයේ පෙලින් පෙළ

අමතකයි සියල්ලට දෝනි ගෙයි කෙලවරේ
බැලුවා එකින් එක තෑගි ටික කළුවරේ
උඩහ අය්යා හෙමින් දොර ඇරියා කාමරේ
තොල් තෙමි ගෙන ගියා පළමු දා මල්වරේ