ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මලක මළගම

මලක මළගම

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි. කොල්චෙස්ටර් - එංගලන්තය
2021-June

සොඳුර ඝන කළුවරත් කලු පාට නැත රතුය
පාළමෙන් මෙහා ඉම සරත් සමයට නතුය
උරග සිව්පා විහඟ පෙම් කැදලි උන් සතුය
තටු කැඩුණු සමනලිය හෙට නික්ම යා යුතුය

ගං දෑලෙ නොපර වූ මල් සුපිපි වෘක්ෂයක
මලක් මළගම් ගොසින් කඳුළු බිඳු වන ඇසක
දුටුවොතින් තබා අවමඟුල් බෙර හඬ පසෙක
දල්වන්න චිතක ඉම අසල ඒ පෙර මතක

මොහොතකට නැවතෙමින් අපි අපෙන් විමසමූ
ජීවිතය විඳි දවස් හදවතින් සිපගමූ
එක් වෙලා කුමකටද අපි ඔවුන් සනසමූ
ජීවිතය දරාගෙන පැටවුන්ට පණ දෙමූ