ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මරණ බයට කියැවෙන කවි

මරණ බයට කියැවෙන කවි

කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය
2022-February

දෙකනේ ඇබ දෙකකි අතෙකින් මොබයිලය
රෝද තුනම හෙල්ලෙන සැර මියුසික්ය
රැයේ බිිපු ලෝදිය සැර තවමත්ය
එළවපන් මල්ලි මරණය අත ළඟය

දකුණට හරවපං සිග්නල් වමට දමා
වෙට්ටු දදා පැදපං දැන් නොවිි පමා
මට්ටු කරන්නට ඉස්සර කරන දනා
පාගපං මල්ලි මට අබ සරණ තමා

“බුදු සරණයි දෙවි පිහිටයි ” පිටිපස්සේ
වැකියකි වැදුු මව්්සි හිකර පිටි අල්ලේ
ඒ කිසිවක් එපා තරගෙට හිත හෙල්ලේ
ඇදපං මල්ලි මරුවා ළඟ එයි හැල්මෙි

සද්ද දමා කපපං ඉර වැරදි තැන
කාකි සුුට් හිටියත් කිම අතේ දුර
ඉතිපිසෝ කියමි ඇස් දෙක පියාගෙන
වදින්නං මල්ලි මරණින් බෙිරපං මම!!