ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මම ________

මම ________

අරුණි මුතුමලී
2022-November

සතර පෙර නිමිති දැක දැක
කතර දුක බෝම විඳ විඳ
එතෙර විය නොහැකි තරමට
සසර දිගු වුණේ කෝමද?

නික්ම නොගිය මුත් ගිහි ගෙය
සිත ද කය සමඟ වචනය
කළ තරම් හොඳින් දමනය
දෙව් බඹුන් කියනු නිසැකය

රසයි කීවත් දුකය
දුකයි කීවත් රසය
දඬු බෑය මිහිරි යැයි සිතනවා
පසිඳුරන් පිනවමින් තැවෙනවා
පැන යන්න නොහැකි බව දැනෙනවා
මං තවම ජීවිතේ සොයනවා…..