ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මධු විතින් සැඟැවුනු යාතාර්ථය….

මධු විතින් සැඟැවුනු යාතාර්ථය….

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2022-August

බිඳෙන් බිඳ හිස්වෙනා මධු විත
පිරවිය හැකි නමුදු යළි යළි
දිනෙන් දින ගෙවෙනා වූ දිවි මල
පරව යයි ප්‍රමුදිතව නොම යළි

සෙමින් දිව යද්දී රස මධු
ගත නහර පුරවාන සැළි සැළි
වයස අමතකව සිතිවිලි
නැගෙයි සඟවාන සම රැළි

නග්න අඩවන්වු නෙතු යුඟ
බොඳකර දසුන් සියුමැළි
විඩාපත් මහළු ගත සිත
පුබුදුවාලා මවයි හසරැළි

මත් වී තිරිහන්ව නින්දට
ගියද තරුනකුව හැඩිදැඩි
පසු දා අවදි වී බැළු සඳ
හොල්මන් කරයි මහළු සෙවනැළි….