ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ ශ්‍රී ලංකාව

මගේ ශ්‍රී ලංකාව

උමේෂා මල්වත්ත
2022-May

අනේ මගේ ලංකාව
කවුද හොරු අරං ගොස්
ඈත දුර ඉන්න මට
වාවගන්නටම බෑ

උගතුන්, වියතුන් කියනවුන්
එකතු වී
අහිංසක ජනතාව දුක් ගින්දරේ දමා
මගේ මුතු ඇටය සින්නකර
ප්‍රීති වෙත්

නායකයො හොරු රැළකි
පරපුරම පෝසතුන්
රට වැසියෝ අහිංසක
අරගලයෙ පොර බදින

අනේ මගෙ රට නැවත
පෙර ලෙසට නැගිටවන්න
හොරුන් රැළ කෙසේ හෝ
මගෙ රටින් එළවන්න

එදින වැඩි ඈතක නොවී
මුතු ඇටය බබළන්න
මගේ ලක් මෑණියනී
මගේ සිත සනසන්න