ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ මලගම් දිනේ ..

මගේ මලගම් දිනේ ..

දිනූෂා මනම්පේරි - එක්සත් රාජධානිය
2022-March

මගේ මලගම් දිනේ ..

රෑ සීත කලුවරේ …
හමා එන මදනලේ ..
මා නිසල දේහයේ…
සුවඳ ගෙන යනු මැනේ…

ඔහු නිදන කාමරේ …
පුංචි හැඩ කවුලුවේ..
මුව තබා මෘදු ලෙසේ..
කියාපන් මා මල දිනේ ..

පාලු සොහොනක රැයේ..
මා තනිව කලුවරේ…
නිසල වූ හදවතේ…
හිඳී ඔහු පාඩුවේ …

මල් වඩම් පෙරහැරේ …
රැහැයි ගී නාදයේ …
මගේ මලගම් දිනේ…
ඔහු නැතිද මදනලේ …