ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බර වැඩී මගෙ මැණික

බර වැඩී මගෙ මැණික

දියත් රන්සර අතපත්තු - පුලතිසිපුර
2023-May

සදලු තල හීනයක් නෙක වර්ණ රූ ඇතිරූ
ඇහිදාර හරි තෙතයි බොර පාට එහි තැවරූ
මලානික සිතිවිල්ල මගෙ නමට ඇය පැවරූ
දරාගෙන ඉන්න හැක නොබිඳාම බැඳි පවුරූ

පරිස්සමින් ඉන්නකොට නුඹ වුනත් කූඩුවේ
විචාරක සංසිද්දි , සිව්දෙසින් හාදවේ
බොල් හඬට හිනාවී ආව මං තීරූවේ
කඩුළු වැට බිඳිණු නැහැ; අපි ඉදිමු පාඩුවේ

කළුවරක් හුරු පුරුදු ඔය පුංචි ඇස් වලට
ආලෝකෙ බර වැඩී මගෙ මැණික ඒ කමට
නසාගෙන තිබු අඳුර ගෙට එළිය එන කලට
සඳෙහි ඇති ආවාට නොපෙනේවා මගෙ දුවට