ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බඹර ගීතය

බඹර ගීතය

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය - කොළඹ
2022-November

සවන් සිසාරා මිමිණූ
බඹර ගීත ප්‍රතිරාවෙන්
සමාධි ගතවී තුන් හිත
දැහැන් ගත වුනා.
සිත් සංකා කෙමෙන් කෙමෙන්
පහවෙලා ගියා.

දෝංකාර දී දෙසවන
පුරා පිරුණු බඹර ගීත
ගාම්භීර හඬ මිහිරෙන්
මිහිර මතුකලා.
සිත් සංකා කෙමෙන් කෙමෙන්
පහවෙලා ගියා.

ගිගුම් ගර්ජනා කරමින්
මේඝ වළා කුළක හඬින්
බඹර ගීය දෙසවන
දෙවනත් කර ඇසුනා.
සිත් සංකා කෙමෙන් කෙමෙන්
පහවෙලා ගියා.