ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බතලයා .

බතලයා .

නුවන් තොටවත්ත
2022-October

“අල්ලනව අත. තමුසෙ මොකද අර ටිකක් මහත දරුවට “බතලයා” කිවුවෙ. ඕවද අපි මෙච්චරකල් ඉගැන්නුවෙ ?”
– විනය බාර සර්
.
.
තඩි බඩක් හෙම නැතුව හැඩට හිටි දාක
මහෝදරටත් නමක් තිබුන් නැතිවාද
දන් දුන්න නිසා පට බැඳුනමුත් ඒක
අණේ පිඬු කියන්නෙත් කාඩ් එක නේද ?

කාලගෝලලා ගැන කට පුරා කීවට
කරාඹුව කැත නිසා මට්ටකුණ්ඩලී වූවට
රජ්ජුමාලා කියල කියද්ද්දී ඒකිට
සර් වත් කිසිතැනක වැරැද්දක් කීවද ?

රෙදි නැතිව ඇවිදින්න උනත් මහ මග දී
පටාචාරට නමක් තියෙන්නැති මුල දී
දුශ්ඨ – ගාමිණී ගැන උගන්නපු තැන දී
“බතලයා” කියපු එක විතරම ද වැරදී ?