ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෙරමග බලං හිටියේ එනකං – අපි ගමට

පෙරමග බලං හිටියේ එනකං – අපි ගමට

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2022-February

පෙරමග බලං හිටියේ එනකං – අපි ගමට

මගේ පැළේ මං තනි වූ දාට
ඔබේ පැළේ විතරයි මං ලද සරණ
උපදින දාට අප යළි දහමේ විලස
“පීතුපාදන්” ම වේවා මතු භව සසර

කොළඹට වෙලා හෙලු දහඩිය විය කෙරුවේ
ඉණිමගෙ නගින පැත්තට මං යොමුකෙරුවේ
ගමට වෙලා සතුටින් අපෙ වගතුග දෙඩුවේ
තොරණ් බඳින්නට පෙරමග බලමින් සිටියේ

බින්න බැස්ස දා ඉඳලා මං කොළඹ
වෙනසක් නොවුණි මගෙ පියරජුගේ සිරිත
කොස් දෙල් හාල් බර දෑතට දරාගෙන
දරු මල්ලන් බලන්නට ඒමය ලද ලොකු සතුට

අහස කඩං වැටුනත් නැහැ ඔබ සැලුණේ
පොලොව ගිලා බැස්සත් නැහැ කම්පිත වූයේ
අරමුණ කරා යන්නට නිති හැම සැප දුන්නේ
මුණි සිරිපා සලකුණ ඔබ අප සිරසේ

මගේ පැළේ මං තනි වූ දාට
ඔබේ පැළේ විතරයි මං ලද සරණ
උපදින දාට අප යළි දහමේ විලස
“පීතුපාදන්” ම වේවා මතු භව සසර