ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුතු සනසා

පුතු සනසා

දේවක පහලවත්ත - බදුල්ල
2022-November

පිණි නාලා පිච්ච කැකුළු
සුදු පිරුවට සුවද තියපු
පුංචි පුතුට රහස් කියා
හොරෙන් පිපෙනවා
පැණි කෙමියක් හෙමින් නැමී
පුතුට පොවනවා……
කිරිදත් පොඩි සිනාසිසී
ඔහේ නිදනවා……

මවු සෙනෙහස පොරවාගෙන
සිහින බලනවා
කිරි පුසුඹට හා පැටවුන්
හොරෙන් එබෙනවා
මගේ පුතුගේ තොටිල්ල යට
උනුන් නිදනවා…..
දුක හිතිලා හදහාමී
කදුලු හලනවා
කිරි වැස්සට ගඟ උතුරා
සයුර පිරෙනවා….
පෙණ විසිරී දියඹ දිගේ
සිගිති දෙතොල් පහස දැනී
මවට හොරෙන් තුරුල්වෙලා
පුතුට පොවනවා…

පුතු සනසා හාදු තියා
තවත් හඬනවා
පුතු අවදිව මතු දිනයක
අහස සිඹිනවා….
තරු අමුනා මාල ගොතා
සදකැන් පිරුවට ඔතලා
දේදුන්නක පාට තියා
මා සනසනවා…..
පුතු සැනසෙනවා…